Cannot Read Sinhala? get sinhala UniCode
                                                                                              

අන්දර යායට ආයුබෝවන්……

අන්දර යායට පිය තැබූ ඔබ සැම සාදරයෙන් පිළිගනිමි.

මම මහෙෂ් අරන්දර, ශ්‍රිලංකාවෙ ඉපදුනු සිංහලකම හඳුනන පොලොවෙ පය ගහල ජීවත් වෙන කොල්ලෙක්. මේ මගේ පලමු සිංහල බ්ලොග් අඩවියයි. ගොඩක් කාලෙක ඉදන් සිංහල බ්ලොග් අඩවියක් පටන් ගන්න ආසාවක් තිබුනත් වෙලාවක් තිබුනෙ නෑනෙ.

අනිත් සිංහල බ්ලොග් අඩවි දකින කොට මගේම කියලා සිංහල ලියවිල්ලක් තිබුනොත් හොදයි කියලා හිතුන වාර අනන්තයි….

ඉදින් අද පටන් මගේ සිතුවිලි වෙලාවක් ලැබෙන විදිහට අන්දර යායේ සටහන් කොරන්න බලාපොරොත්තු වෙනවා.

දැනට මම ශ්‍රිලංකා තොරතුරැ තාක්ෂන ආයතනයේ තොරතුරැ තාක්ෂන උපාධි පාඨමාලාවක් හදාරනවා. ඒක නිසා ගොඩක් කාර්යබහුල කෙනෙක් තමා….. :)

අන්දර යායට නම ලැබුන හැටි ගැන කියනවානම්, මට ඉස්කෝලෙ යන කාලෙ මගෙ යාලුවො කිව්වෙ අන්දරේ කියලා.. :D

ඒ ඉතින් මම කරපු කියපුවා හින්දමත් නෙවේ..මගේ නම අරන්දර හින්ද. :)

තවත් එකක්… අපි කාටත් අමතක නොවන ආදර අප්පච්චී ගැන කියන සිංහල ගීතය….

“අන්දර යායේ වැව් තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චී…..”

ඉතින් එහෙම මුල පිරැව අන්දර යායට ඔබ සියලු දෙනාගෙම සහයෝගය ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔබේ අදහස් මට ලියන්න.

ඔබ සැමට සුහ දිනක් වේවා….

ඔබේත් මගේත් රටට සෞභාග්‍ය උදා වේවා…..

Custom Search




මගේ wordpress බ්ලොග් අඩවිය :::Expedition For The Being Of Heart Strings::: ..

මගේ blogspot බ්ලොග් අඩවිය Geekdom for the existence.....

මගේ flickr ජායාරෑප එකතුව..

මගේ twitter කෙරැවාව....මා හඹාඑන්න.....






Mahesh Arandara on Facebook


Creative Commons License
මෙම බ්ලොග් අඩවිය මහේෂ් අරන්දර සතුය. සියලු හිමිකම් ඇවිරිනි.
මෙම බ්ලොග් අඩවිය Creative Commons Attribution-Noncommercial-Share Alike 3.0 Unported License යටතේ ලියාපදිංචි කර ඇත..